ගැටුම (රණ්ඩුව/දබරය/අමනාපය) තුළින් අත්වන වාසිදායක තත්වයන්

ගැටුම් ඇතිවීම ස්වභාවික දෙයක්.ඒ තුළින් අයහපත් මෙන්ම යහපත් තත්වයන් ද ඇතිවෙනවා. සාමාන්‍යයෙන් අවධානය යොමු නොවන ගැටුමක යහපත් තත්වයන් පිළිබඳව කෙටියෙන් සඳහන් කරන්නම්.

ගැටුමක්, රණ්ඩුවක් හෝ දබරය හෝ අමනාපයක් ඇති වීමට මූලික වශයෙන්ම බලපාන්නේ එකිනෙකට ප්රතිවිරුද්ධ මතයන් දෙකක් එකට ගැටීමයි.ගැටුම බොහෝ විට පාර්ශව දෙකක් අතර හට ගනී. මාක්ස්වාදයට අනුව සමාජයේ විකාශනයට ගැටුම අතිශය වැදගත් සාධකයක්.


ගැටුමකින් උදාවෙන වාසිදායක තත්වයන්,
1. එකිනෙකාගේ සීමාවන් පිළිබඳව දෙපාර්ශවයටම අවබෝධයක් ලබාගත හැකිය.
2. එකිනෙකාගේ ආකල්ප හා රුචි අරුචිකම් පිළිබඳව අන්යෝන්ය අවබෝධයක් ලැබේ.
3. දීර්ඝකාලීන වශයෙන් එකතු වූ ආවේගයන්,මානසික පීඩනයන් මුදා හැරීම නිසා මානසික සහනය ලැබීම.
4. තම මතයෙහි ඇති දුර්වලතා පිළිබඳව අනෙකාගේ දෘෂ්ටිකෝණයෙන් විවරණයක් ලබා ගැනීමට හැකි වීම.
5. එකිනෙකාගේ මතයන්හි ඇති වැදගත්කම පිළිබඳව අවබෝධයක් ලැබීම.
6. සැබෑ පුද්ගල ප්රතිරූපයන් ඉදිරිපත් වීම.
ප්රධාන වශයෙන්ම මෙහිදී එකිනෙකා පිළිබඳ අන්යෝන්ය අවබෝධයක් ලැබීමට අවස්ථාව උදාවේ.
ගැටුම තුළ සිදුවිය යුත්තේ ඒකාන්තයෙන්ම තම මතය හෝ ආකල්පය නිවැරදි'යි යන්න සනාථ කිරීමට උත්සාහ දැරීම නොව නිවරද්ය වූ සාක්ෂීන් සමූහයක් ඔස්සේ ගොඩනඟාගත් දෙපාර්ශවයේම ආකල්පයන් පිළිබඳව විශ්ලේෂණාත්මක දෘෂ්ටිකෝණයකින් විමසීම තුළින් ද්විපාර්ශ්වීය වශයෙන් තුල්ය වූ සමථයකට පත්වීමයි.



Post a Comment

0 Comments