ජර්මනියෙන් ලෝකයට.. “This is my land; you are a guest here.”

“This is my land; you are a guest here.”

("මේ මගේ දේශය, ඔබ මෙහි අමුත්තෙක්.")
යුක්‍රේන රුසියානු යුද්ධයේ යුධ දුම් නිදැල්ලේ පැමිණ යුරෝපයේ බොහෝමයක් රටවල රැඳෙන්නට පටන්ගෙන..




ලෝක ආර්ථිකයේ හතරවන ශක්තිමත්ම රට ජර්මනිියේ Current account Surplus අගය (2021) යුරෝ බිලියන 17 සිට යුරෝ බිලියන 0.6 ශීඝ්‍ර අවපාතයකට පැමිණෙනවා.මෙවැනි තත්ත්වයක් යටතේ බරපතළ ආර්ථික බිඳවැටීමකට මුහුණ ‌පාන්නට ජර්මනියට සිදු වෙලා තියෙනවා. මේ විදියට ගහෙන් වැටිලා ඉන්න ජර්මනියට යුද්ධය කියන ගොනාත් ඇනගෙන යන වටපිටාවක් තිබෙනවා. සිරියානු යුද්ධ, යුක්‍රේන - රුසියානු යුද්ධ ආදියෙන් පීඩාවට පත් එම රටවල ජනතාව; විශේෂයෙන් යුක්‍රේන සංක්‍රමණිකයින් මිලියන 1.2කට අධික සංඛ්‍යාවක් ජර්මනියට සංක්‍රමණය වී තිබෙනවා. මොවුන්ට ආහාර පහසුකම් ලබා දීමට තබා ජර්මානු ජනතාවත් ඉතාමත් පීඩනයකින් සිටින බව පවසමින් ජර්මානුවන් උද්ඝෝෂනයන්හි නිරතවනවා.මෙම පසුබිමට සහය දැක්වීමට ජර්මනියේ නැගීඑන නව නාසිවාදී (Neo- Nazi) කණ්ඩායම් ද කටයුතු කරන බවක් ද දැකගන්නට පුළුවන්.

පසුගිය දිනෙක ජර්මනියේ සිරියානු සංක්‍රමණික පියෙකුට ඔහුගේ දරුවන් ඉදිරිපිට දී ජර්මානු පොලිස් නිළධාරියෙකු පහර දෙන්නට වුණා. එම පහරකන පුද්ගලයාගේ බිරිඳ පොලිස් නිළධාරියාව වළකන්නට උත්සහ කරනවා. මේ අවස්ථාවේදී ඒ ජර්මානු පොලිස් නිළධාරියා ඇයට ප්‍රකාශ කරන්නේ,
“This is my land; you are a guest here.”
("මේ මගේ දේශය, ඔබ මෙහි අමුත්තෙක්.") ලෙසටයි.
මෙම ප්‍රකාශයට විරෝධතාවන් නොව ‌එම පොලිස් නිළධාරියාගේ ප්‍රකාශයට පක්ෂව විශාල ජනමතයක් ජර්මනියේ ගොඩනැගෙන්නට පටන්ගෙන තිබෙනවා.
මේ තත්ත්වය විවිධාකාරයෙන් අපට අර්ථකථනය කරන්නට,දකින්නට,සිතන්නට පුළුවන්.

  • යුක්‍රේන රුසියානු යුද්ධයේ ඇමරිකානු හිතවාදී යුක්‍රේන පිරිස් තම රටට ඇතුල් කරගැනීමට ජර්මානුවන් තුළ අකමැත්තක් පවතිනවාද?
  • ඉතා ඉහළින්ම ජාතිකත්වය ප්‍රමුඛ කොට සළකන ජර්මානුවන් වෙනත් ජාතිකයින් තම රටට සංක්‍රමණය වනවාට අකමැත්තක් දක්වනවාද ?
  • ඇමරිකාවේ මැදිහත්වීම් වල ප්‍රතිඵලයන් වලට තමන් වගකිවයුතු නැති බව ඔවුන් සිතනවාද ?

සිතන්න..ඔබ මෙය දකින්නේ කවරාකාරයෙන් ද?

🖋 A.M. සංජුල කවිඳු



Post a Comment

2 Comments

  1. කොහෙ ගියත්.... පීඩිත පන්තිය තැලෙනව.

    ReplyDelete
    Replies
    1. යුද්ධය කියන්නෙම එහෙම දෙයක්.

      Delete